අප පිළිබඳව
Salli Development with Supun ව්‍යාපෘතියේ අරමුණ සහ ඉතිහාසය.
Salli Development with Supun යනු ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාවය (Financial Literacy) සහ ආයෝජන දැනුම ඉහළ නැංවීම සඳහා ආරම්භ කරන ලද ස්වාධීන අධ්‍යාපනික ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථික අර්බුදයන්ට සාර්ථකව මුහුණ දීමට නම් සහ ස්ථාවර මූල්‍ය අනාගතයක් ගොඩනඟා ගැනීමට නම් සාම්ප්‍රදායික ඉතිරි කිරීමේ ක්‍රමවලින් ඔබ්බට ගොස් කොටස් වෙළෙඳපොළ (Stock Market), පොදු අරමුදල් (Unit Trusts), සහ වෙනත් නිෂ්ක්‍රීය ආදායම් මාර්ග (Passive Income) වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ.
අපගේ දැක්ම (Our Vision)
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමා උපයන මුදල් නිවැරදිව කළමනාකරණය කරමින්, සාර්ථකව ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික මෙවලම් නොමිලේම සපයා දීම සහ ඔවුන්ව මූල්‍ය නිදහස (Financial Freedom) කරා මෙහෙයවීම අපගේ දැක්මයි.
මෙම වෙබ් අඩවියේ අරමුණ
යූටියුබ් නාලිකාවෙන් ලබාදෙන දැනුමට අමතරව, ආයෝජකයෙකුට තම තීරණ වඩාත් නිවැරදිව හා වේගවත්ව ගැනීමට සහාය වන මෙවලම් (Calculators & Trackers) එකම වහලක් යටින් ලබාදීම මෙම වෙබ් අඩවියේ මූලික ඉලක්කය වේ.
- නැවුම් ස්ථාවර තැන්පතු (FD) පොලී අනුපාත සසඳා බැලීම.
- CSE ලැයිස්තුගත සමාගම් වල ලාභාංශ (Dividends) විස්තර එසැණින් ලුහුබැඳීම.
- සමාගම් වල වාර්ෂික වාර්තා (Annual Reports) නොමිලයේ අධ්‍යයනය කිරීම.
- දෛනික රන් මිල ගණනය කිරීම් සහ ප්‍රජා වට්ස්ඇප් සේවා සැපයීම.
"ආයෝජනය කියන්නේ ධනවත් අයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. රුපියල් 1,000කින් වුණත් අද ඔබට ඔබේ ආයෝජන ගමන ආරම්භ කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි නිවැරදි දැනුම ලබාගෙන ඉවසීමෙන් යුතුව ආයෝජනය කිරීම." - Supun